Friday, June 7, 2013

අපිම ගෙදර 3D Plan එක හදාගමුද...?


හදන්න යන ගෙවල් වල 3D plan අදින එකත් දැන් style එකක් වෙලානේ තියෙන්නේ... 3D plan එක ගහගත්තම ගෙදර ඇතුල එහෙම හොදට බලන්න පුළුවන් නේ හරියට ඇත්තට හැදුව වගේම.... ගෙදර හොද නරක එහෙමත් පේනවා නේ.. එ උනාට ඉතින් ගෙදරක 3D plan එකක් අදින්න හොද ගානකුත් යනවා... මෙන්න එකට පොඩි gadget එකක්... මේක හරිම simple software එකක්... පරිගණකයක් ගෙන සාමාන්‍ය දෙනුමක් තියෙන කෙනෙක් ට මේකෙන් වැඩේ කොරගන්න පුළුවන් අවුලක් නැතුව.. drag & drop වගේ තියෙන්නේ...
AutoCad එකේ වගේ වැඩිය දගලන්න ඕනේ නැ... අපිටම plan එක අදින්න පුළුවන්.... 
අපි plan එකේ බිම් සැලැස්ම අදිනකොටම බිත්ති හැදෙනවා.. අපිට තියෙන්නේ බිත්ති වල උස දෙන්න විතරයි.. ජනෙල් දොරවල් ඕනේ තැනකින් තියාගන්න තියෙන්නේ... තව මේකෙන් ගෙදරට ගොඩක් දේවල් කරන්න කරලා බලන්න පුළුවන්.. බිත්ති paint කරලා බලන්න පුළුවන්... කැමති කැමති පාට ගාල... තිර රෙදි දාල බලන්න විතරක් නෙමේ ගෙදර බඩු තියල උනත් බලන්න පුළුවන්... බඩුත් ඕනේ හැටියට තියෙනව.. ඕනේ තැනකින් තියාගන්න විතරයි තියෙන්නේ...


ගෙදර හැම තැනම හොදට බලන්න පුළුවන් හරියට ගේ ඇතුලේ ඇවිදිනවා වගේ... 


මේකේ නම Sweet Home 3D... එහෙනම් මෙතනින් Download  කරගන්නකො.... Portable එක මෙතනින් ගන්න...
වැඩේ කරගන්න හැටි අරව මේවා ඕනේ නම් මෙතනින් යන්න... මේකේ online version එකකුත් තියෙනවා.. එකට නම් account එකක් හදාගන්න ඕනේ.. එකට මෙතනින් යන්නකෝ...
කලින් හදපු ගෙවල් වල sample ටිකක් බලාගන්න මෙතනින් යන්න...
3D  models ගන්න මෙතනින්...

No comments:

Post a Comment