Monday, June 24, 2013

Free Online Virtual PC එකක් හදාගමුද...?

අපේ ගෙදර Desktop එක හැමතැනම උස්සන් යන්න බැනේ.. ලැප් එකක් උනත් කරදරයි නේ... අපේම කියලා Online Virtual PC එකක් නැත්තන් Personal Cloud එකක් තිබ්බ නම් පට්ට නේ Internet තියෙන ඕනෙම තැනකින් ලොග් වෙන්නත් පුළුවන් නේ... මේකෙන් අපේ Browser එක Desktop එකක් කොරගන්න පුළුවන්.. තව මේක ඇතුලෙන් internet use කරන්නද අරවද මේවද ඔක්කොම පුළුවන්.. අනික මේක PC එකකින් විතරක් නෙමේ iPhone, iPod, Android Phone වගේ ඕනේ එකකින් පාවිච්චි කරන්න පුළුවන්...
 නොකියපු තව ප්‍රයෝජනයක් තියෙනවා.. Site block කරලා තියෙනව නේ සමහර ආයතනවල, Schools වල එහෙම... එ වගේ site වලට යන්න ඕනේ නං ඔයාල දැන් හදාගන්න යන Virtual PC එකට log වෙලා එකේ ඇතුලේ තියෙන Web Browser එකෙන් යන්න.... නොකියපු තව ගොඩක් ප්‍රයෝජන තියෙනවා... පාවිච්චි කරලම බලන්නකෝ.... මෙතනින් ගිහිල්ලා බලන්න එයාලගේ WebSite එක..
 එහෙනම් මෙන්න මෙහෙමයි වැඩේ කොරන්නේ.... 
ඉස්සල්ලම මෙන්න මෙතන කොටලා... ඒ link එකට ගොහින් Sign Up වෙන්න කෝ පෙන්නලා තියෙන විදියට...



මෙතනින් free කියන එක Select කරන්න... සල්ලි කාරයෝ නම් ඉතින් Basic හරි, Pro හරි තොරගත්තත් මට කමක් නැ... මන් නම් කියල දෙන්නේ free එකක් හදන විදිය ඔං...  



මෙතනට ඔයාලගේ විස්තර දීලා Fill කරන්න... නැත්තන් පැත්තෙන් තියෙන එකක් Click කරලා ඔයාලගේ Facebook account එක හරහා හරි Google account එක හරහා හරි Twitter එකෙන් හරි ලොග් වෙන්නත් පුළුවන්.... ඔන්න වැඩේ හරි... දැන් ඔයාලගේම අලුත් PC එකට ලොග් වෙලා බලන්න කෝ කොහොමද කියලා..





අහ් තව එකක් මේක Run වෙන්න නම් ඔයාලගේ PC එකේ Java තියෙන්න ඕනේ එක නැති අය මෙතනින් ගිහින් එක Download කරගන්න....
එහෙනම් Like එකක් Comment එකක් දාල යන්නකෝ....

No comments:

Post a Comment