Friday, August 2, 2013

සුටුස් ගාලා Photo එකක Background එක අයින් කරමු...

අපි ගන්න Photos වල background එක සමහර වෙලාවට අවුල් නේද.. සමහර Photo facebook දාන්නත් බැ background එක අස්පට් නිසා... අන්න එ වෙලේට හිතෙනවා.. "ෂිට්, පට්ට Photo එක fb දාගන්න විදියක් නැ නේ..." කියල.. Fb දාන්නම විතරක් නෙමේ අපේ වැඩකට හරි ඕනේ උනොත් එහෙම... මෙන්න විසදුම... photoshop එකෙන් වටෙ කපල අයින් කොරන්න හැට පැයක් යනවා නේ... එත් අමාරුයි සමහර වෙලාවට... අනික ඕකට වද වෙන්නේ මොකටද මෙහෙම tools තියෙනකොට...
යන්නකෝ මෙතන කොටලා මෙන්න මේ Site එකට.... 

www.clippingmagic.com

ගිහාම එන්නේ මේ වගේ Page එකක්... පෙන්න ල තියෙන විදියට Drag and Drop කරලා හරි Browse කරලා හරි අවශ්‍ය Photo එක Upload කරගන්න... 



Upload උනාට පස්සේ මේ විදියට පෙනෙයි.. දැන් උඩ තියෙන ටූල්ස් ටිකෙන් තමා වැඩේ කොරන්නේ... 



මේ Pic එකේ පෙන්නලා තියෙන විදියට රතුපාට minus ලකුනක් තියෙන එකෙන් අදාළ පින්තුරයේ අනවශ්‍ය කොටස් select කරන්නන... කොලපාට plus ලකුණක් තියෙන එකෙන් අවශ්‍ය කොටස් select කරන්න...


මේකන් පුළුවන් Brush එකේ Size එක අඩු වැඩි කරගන්න.... 



ආසන්න වශයෙන් Select කලාම ඇති මේ විදියට....  Result Preview එකෙන් බලල උවමනා ටික ඉතුරු කරන් අනවශ්‍ය ඒවාඅයින් කරගන්න... 



දැන් වැඩේ ගොඩ...  Download එක Click කරලා Photo එක Download කරගන්න... PNG File එක Down වෙයි.. background එක Transparent නේ දැන්... ඕනේ Background එකක් පිටිපස්සට දාගන්න.....

වැඩේ නියමයි නේ... එහෙනම් Like එකක් comment එකක් දාලම යන්න.. 

1 comment: