Folders ටික Hide වෙලා නේ තියෙන්නේ Virus ටික අයින් කරන්නේ නැතුව Folder එක ඇතුලට යන්න ඕනේ නම් උඩ තියෙන Address Bar එකේ අදාල folder එකේ නම කරලා Enter කරන්න... ඒ කියන්නේ Folder එකට යන්න Path එක පෙන්නන්න.. හැබැයි ඕක කරන්න පුළුවන් Autorun Disable නම් තමා නැත්තන් වැඩ කරන Virus Guard එකක් තියෙනවා නම්.. නැත්තන් Pen එක PC එකට ගහන්න එපා...
හරි දැන් අපි බලමු Virus එක අයින් කරලා Folders ටික එලියට ගන්න හැටි.. ඉස්සල්ලම Command Prompt එක නැත්තන් කවුරුත් දන්නා CMD එක Open කරගන්න ඕනේ Administrator විදියට.. එකට,
Start ---> All Programs ---> Accessories --->
අන්න එකේ තියෙනවා Command Prompt එක... එක Right Click කරලා එන Menu එකෙන් Run as Administrator කියන එක Select කරන්න... Message එකක් එයි.. එක Yes කරන්න... හරි එක Open කරගත්ත නේ.. මෙහෙමයි දැන් Virus තියෙන්නේ PC එකට ගැහුවා ගමන් Autorun වෙන්න ගොඩක් Virus Guard වලින් Virus එක Autorun වෙන එක නවත්තනවා.. එත් Sure නැ නේ... එක නිසා Autorun disable කරගෙනම වැඩේ කොරමු.. මෙතන (Autorun Exterminator) කොටලා පොඩි Software (17KB)එකක් තියෙනවා එක Download කරගන්න... කරලා එක install කරගන්න.. ඊට පස්සේ වෙලාව තියෙන තැන Notification Area එකේ වටෙයි මේ වගේ icon එකක්..
දැන් Autorun disable කරගත්තා.. දැන් පෙන් එක ගහන්න... කලින් ඔපෙන් කරගත්ත Command Prompt එකට යන්න දැන්.. ගිහින් මෙන්න මේ Code එක එකේ Type කරලා Enter කරන්න...
attrib -s -h -r J:/*.* /s /d
ඔකේ J කියලා තියෙන තැනට Drive එකේ Letter එක දෙන්න... එච්චරයි.. Files ගොඩක් තියෙන Capacity එක වැඩි පෙන් එකක් නම් ටිකක් වෙලා යයි..
වැඩේ ඉවර උනාම පෙන් එකට ගිහින් බලන්න ඔක්කොම එළියේ තියෙයි... Virus ද Hide වෙච්ච Folders ද අරව මේවා ඔක්කොම දැන් පෙන්නනවා... මුකුත් Click කරන්න එපා.. දැන් හොදට files ටික බලලා තමන්ට අදාල නැති ඔක්කොම Files Select කරගන්න Ctrl Key එක පාවිච්චි කරලා... අදාල නැති ඔක්කොම Select කරගත්තට පස්සේ shift + Del ගහල Delete කරගන්න... වැඩේ හරි.. කෝකටත් ආයේ බලන්න අර Shortcut හරි අදාල නැති File එකක් හරි ඉතුරුවෙලා තියෙනවද කියල...
දැන් ගොඩ පෙන් එක සුද්ද කල ඔන්න... මිට වඩා වැඩ වැඩි දිග ක්‍රමෙකුත් තියෙනවා ලේසි ක්‍රමේ හොදයි නේ ඉතින්...
Like එකක් Comment එකක් දාලම යන්නකෝ එහෙනම්...
EmoticonEmoticon