Showing posts with label Windows. Show all posts
Showing posts with label Windows. Show all posts

අදුරන්නේ නැති numbers වලින් එන calls එන්නේ කාගෙන්ද බලමු..

6:51 AM 1 Comment
හරි අපි අද බලන්න යන්නේ phone book එකේ save කරලා නැති numbers වලින් එන calls අදුරගන්න පුළුවන් විදියක් ගැන.. මේක android, iOS, Windows වර්ග තුනටම වැඩ කරනවා.. call එක එනකොටම පෙන්නනවා කාගෙන්ද call එක එන්නේ කියල number එක අපේ phone එකේ save කරලා නැති උනත්... ඒ වගේම spam block කරන්නත් use කරන්න පුළුවන්..
තව calls block කරන්න වගේ වැඩ ගොඩක් කරගන්න පුළුවන් මේ app එක හරහා..

හරි අපි බලමු දැන් app එක දිහා.. මේක සමහර අය පාවිච්චි කරනවා වෙන්න පුළුවන්.. හැබැයි app එක වැඩ කරන්නේ කොහොමද එකේ risk එක දන්නේ නැතුව ඇති..


මේකේ නම truecaller .. මෙතන click කරලා ඔයාලට එයාලගේ website එකට යන්න පුළුවන්...


දැන් අපි බලමු මේ website එක එහෙම නැත්තම් app එක වැඩ කරන්නේ කොහොමද කියලා.. මේක phone directory එකක් උනාට මේකට numbers එකතු කරන්නේ app එක හදන අය නෙමේ මේක use කරන අය.. ඒක ටිකක් අමුතුයි වගේ නේද.. app එක use කරන අය කොහොමද මේක වැඩිදියුණු කරන්නේ කියලා.. මෙහෙමයි වෙන්නේ..  උදාහරණයක් විදියට website එක ගන්නකො..
website එකට ගියාම එන්නේ මෙහෙම තැනක් නේ..

එකේ ඔයාලට අයිතිකාරයා හොයාගන්න ඕනේ කරන number එක type කරලා enter කරන්න.. එතකොට එයි එම වගේ window එකක්...


මෙතැනදී ඔයාලට ඔයාල use කරන  gmail හරි microsoft හරි account එක දීල ලොග් වෙන්න පුළුවන්.. ඔන්න ඔතනදි තම වැඩේ තියෙන්නේ..
gmail නම් මේ option එකේදී.. ,



microsoft නම් මේ option  එකේදි..,

ඔයාලගෙන් අවසර ඉල්ලනවා ඔයාලගේ Contacts ටික manage කරන්න එයාලට අවසර දෙන්න කියලා... ඔතනදි දැනට ඔයාල phone book එකට save කරපු contacts එයාලට බලන්න පුළුවන් වෙනවා.. එක නිසා ඔය අවස්ථාවේදී ඔයාලා දෙන email address එක phone එකකට use නොකරපු එකක් වෙන තරමට හොදයි.. (ඔයාල දන්නවා ඇති Windows phone එකක් නම් අපේ People app එකට අපේ contacts sync වෙනවා.. android නම් gmail එකේ contacts වලට..)
එතකොට අර අපිට numbers වල owners ල හොයල දෙන database එක හැදිලා තියෙන්නේ app එක use කරන අයගේ details වලින්මයි.. ඔයාලට ඒක වෙන email address එකක් දීලා shape කරගන්න පුළුවන් website එකේදී.. එ උනාට phone එකට app එක use කරද්දී ඔය වැඩේ කොරන්න බැරි වෙනවා.. ඉතින් ඔයාලගේ phone book එක දීල ඔයාල නොදන්නා කෙනෙක්ගේ විස්තර ටික ඔයාලට ගන්න පුළුවන්... කනගාටුවෙන් උනත් කියන්න වෙනවා ඕක තම ඔය app එකෙන් වෙන්නේ.. කොහොමත් වෙන කෙන්ක්ගේ මාර්ගයෙන් හරි ඔය contact details upload වෙන එකේ අපිම දුන්නම මොකෝ වෙන්නේ.. අපිත් use කරනවා අනිත් අයත් use කරනවා..
මේ හේතුව නිසා app එක use කරන usersල ගාන වැඩි වෙන තරමට usersලට හොදයි... මොකද එතකොට database එක ලොකු වෙනවා..
තව දෙයක් මෙහෙම එකක් තියෙනවා... මේකේ එතකොට නම තියෙන්නේ වෙන කෙනෙක් එයාලගේ phone book එකේ number එක save කරපු නම නේ.. ලංකාව වගේ රටකදී එක මොනා උනත් හරි ලස්සනයි.. code name, pet name ඔක්කොම ලස්සනට තියෙනවා... අපේ උන් phone වල numbers වල නම් save කරන විදිය අපි නේ දන්නේ..
කොහොම උනත් මේ app එක ගොඩක් වටිනා app එකක්...





Windows කට්ටිය මෙතන click කරලා app එක download කරගන්න...

කස්ටිය use කරන කොට මොන හරි අවුලක් අවොත් comment එකක් දාන්න.. තව අහන්න දේවල් තියෙනවා නම් අහන්න....
හරි එහෙනම්...  මේ පොස්ට් එක වැදගත් උන නම් Like එකක් Comment එකක් දාලම යන්න... 

Data Cable නැතුව Android Phone එකේ ඔක්කොම ටික Computer එකෙන් බලමු....

1:21 AM 2 Comments
Android Phone එකේ වැඩ ටික computer එකෙන් කරන විදිය තමා දැන් කියල දෙන්න යන්නේ.. Phone එකේ Call ද, Message ද ඕනේ එකක්.. අනික File sharing කරන්නත් පුළුවන්.. වැදගත්ම දේ තමා මේකට data cable ඕනේ වෙන්නේ නැ.. Wireless තමා ඔක්කොම ටික වෙන්නේ... WiFi වලින් තමා වැඩේ කොරන්නේ.. WiFi නැත්තන් Internet එක හරහා උනත් පුළුවන්... 

එක Monitor එකේ Desktop 4 ක් හදාගමු...

12:12 AM Add Comment
Windows වලට Theme අරව මේවා add කරලා ඇති වෙලාද..? Desktop එකක් වෙනුවට 4ක් තිබ්බොත් කොහොමද.. නියමයි නේ... එතකොට එක එක Windows open කරගන්න පුළුවන් එක එක desktop වලින්... පොඩි ගතියක් තියෙනව නේ..

Android Phone එක Wireless Mouse එකක් කරමුද...?

10:39 PM 1 Comment
අද දෙන්න යන්නේ Android Phone පාවිච්චි කරන අයට නියම Software එකක්.. Phone එකේ Touch එක PC එකේ Mouse එක විදියට පාවිච්චි කරන්න පුළුවන් මේකෙන් Bluetooth හරහා.. ඊට අමතව Slideshow Controls වගේම Player Controls පාවිච්චි කරන්න පුළුවන්..

PC එකෙන් අභ්‍යවකාශගත වෙමුද...

1:11 AM Add Comment
මේක ගොඩක් වටිනා Software එකක් වෙයි තාරකා විද්‍යාවට කැමති අයට... අනිත් අයටත් හොදයි... කවුද අකමැති රැට අහස බලන්න... ඉතින් මේ Software එක දෙන්න හිතුවා... මේකෙන් අපිට අහස බලන්න පුළුවන් අපිට ඕනේ වෙලාවට සහ අවශ්‍ය ස්ථානයට අහස පෙන විදිය...

PC එක Lock කරලා යතුර සාක්කුවේ දාගමුද...?

9:56 PM Add Comment

අද දෙන්න යන්නේ PC එක Lock කරන්න පුළුවන් Software කැල්ලක්.. මේකෙන් පුළුවන් Pen Drive එක පාවිච්චි කරලා PC එක lock කරන්න... ඉතින් PC එක lock කලාම යතුර වෙන්නේ Pen Drive එක... නියමයි නේ... Pen Drive ගහලා PC එක ON කරගන්න තියෙන්නේ.. හැබැයි යතුර දාලා කරකවන පුරුද්දට pen එක ගහලා කරකවන්න යන්න නම් එපා... :-D එ වගේම Pen Drive එක ගලවපු ගමන් PC එක Lock වෙනවා...